පාසලේ ඉතිහාසය

Children's Day Celebration

page-header-1900x320.jpeg
chi.jpg

කදු පන්ති වලින් වටවූ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ පල්ලෙයාය නම් මනරම් ගම් පියයේ සොඳුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ රිදීගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1-C වර්ගයේ දුෂ්කර පාසලක් වන ශ්‍රී විද්‍යාරාජ මහා විද්‍යාලය 1935 දී පමණ ආරම්භ වූ මිශ්‍ර පාසලකි. මනරම් ග්‍රාමීය පරිසරයක පිහිටා ඇති මෙම විද්‍යාලය අතීතයේදී ඉහළ විභාග ප්‍රතිඵල මෙන්ම ක්‍රීඩා වැනි විෂය බාහිර කටයුතු වලින්ද ඉහළ ජයග්‍රහණ ලබා ඇති ජනප්‍රිය පාසලක් වූ අතර අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 1500 කට අධික විය.

 

නමුත් වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වර්ගීකරණය කටයුතු හා ප්‍රවාහන පහසුකම් වල ශීඝ්‍ර වර්ධනය හමුවේ ද්විතීක හෝ පෝෂිත පාසල් ගණයට අයත් නොවන හුදෙකලා පාසලක් වීමත් නිසාත්, දෙමාපියන් තම දරුවන් වැඩි පහසුකම් සහිත නගරයේ ජනප්‍රිය පාසල් කර දරුවන් රැගෙන යාමට නැඹුරු වීම නිසාත්, මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව පහළ අගයක් ගෙන ඇත.

 

එසේම අද වන විට මෙම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය (1 සිට 13) දක්වා ශිෂ්‍ය සංඛ්‍යාව 550 ක් පමණ අධ්‍යාපනය ලබන අතර අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය 36 දෙනෙකි.

 

 

ආරම්භ කළ වර්ෂය

1935

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

ඩී.එල්.එෆ්. පේදිරිස් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

පල්ලෙයාය ශ්‍රී විද්‍යාරාජ මහා විද්‍යාලය