විදුහල්පති පණිවිඩය
එච්.එම්.නන්දාවතී මිය
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ඉබ්බාගමුව කලාපයේ රිදීගම කොට්ඨාසයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම අංශ දෙකෙන්ම විශිෂ්ට ජයග්‍රහණ පාසලට ලැබී ඇත. අප විද්සියාලයේ සු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්ත්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. වර්තමානය වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
අප විද්‍යාලය දුරකතන හා අන්තර්ජාල පහසුකම් අවම වටපිටාවක පිහිටි පාසලක් වන අතර විවිධ පාර්ශව සමඟ සම්බන්ධවීමේදී ගැටලුවලට මුහුණපායි. සිසුන් විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දේ ද විවිධ දුෂ්කරතා මැද්දේය. කෙසේ නමුත් අවම පහසුකම් යටතේ වුවද මෙම වෙබ් අඩවියෙන් උපරිම ඵල නෙළා ගනිමින් පාසලේ ඉදිරි අනාගතයට සහය ලබා දෙන ලෙස විදුහලේ හා සම්බන්ධ සියලු පාර්ශවයන්ට ආරාධනා කර සිටිනවා. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
එච්.එම්.නන්දාවතී මිය
විදුහල්පති
ශ්‍රී විද්‍යාරාජ මහා විද්‍යාලය.






